1

Friday, June 13, 2014

Qnet සමාගමේ තවත් කාර්යාලයක් කසකශ්ථානයේ විවෘත කෙරේ..

මේ වන විට ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වී සිටින Qnet සමාගම තමන්ගේ අලුත්ම කාර්යාලය මධ්‍යම ආසියාවේ රටක් වන කසකශ්ථානයේ (Kazakhstan) Almaty නගරයේ විවෘත කරන ලදි. 
විවෘත කිරීමේ උළෙලට සමාගමේ විධායක නිලධාරීන් සාමාජිකයන් සහ කාර්යය මණ්ඩලය මෙන්ම කසකශ්ථානයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වන Armand Rakisheva, Marat Tleuberdin සහ Mirlan Tokmurzin යන මහත්වරැන්ද එක්වුහ.
උත්සවයට සහභාගිවූ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියකු වන Haldun Arin මහතා පවසන්නේ කසකශ්ථානයේ දරැවන්ගේ අනාගතය නගා සිටුවීමේ විශාල වැඩ පිළිවෙලක් සමාගමට අයත් RYTHM පදනම මගින් ඉටු කිරීමට සැලසුම් කර ඇති බවයි.

"අද සමාජයේ ඉක්මනින්ම අනතුරට සහ විනාශයට භාජනය වන්නේ කුඩා දරැවන්ය. එම නිසා බොහෝ දරැවන්ගේ අනාගතය කුඩා කාලයේදීම විනාශ වෙනවා. අපේ සමාගමෙන් කසකශ්ථානයේ දරැවන්ට ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට උදව් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා" යැයි ඒ මහතා තව දුරටත් පැවසීය.


Visit RYTHM FoundationOfficial Web Site




 

No comments:

Post a Comment